Wednesday, September 3, 2008

නිවර්තන වැසි වනාන්තර

නිවර්තන වැසි වනාන්තර සුවිශේෂ පරිසර පද්ධතියකි.

නිවර්තන වැසි වනාන්තර සුවිශේෂී වීමට හේතු
*පැතිරීම
*විවිධත්වය
*පැරණිබව
*ව්‍යුහය
*අන්තර් සම්බන්ධතාවයන්
*සුවිශේෂි අනුවර්තන දැරීම

පැතිරීම
පෘථි‍වියේ සමකයට දෙපස නිවර්තන ප්‍රදේශවල පමණක් පැතිරී ඇත.
පෘථි‍වියේ ගොඩබිමින් 6%ක් පමණ කුඩාවු ප්‍රදේශයකට සීමාවේ.
විවිධත්වය
පෘථිවියේ සමස්ථ ජීවින්ගෙන් (මිලියන 5 සිට 10) අඩකටත් වැ‍ඩි ප්‍රමාණයකට වාසස්ථාන සපයයි.

පැරණිබව
අදින් වසර මිලියන 30කට පමණ පෙර මෙම වනාන්තර පරිණාමය වී ඇත. (ගොඩ්වානාලන්ත යුගයේ සිටම)

ව්‍යුහය
ශාක,ස්ථර ගණනාවකට බෙදී පවතී

අන්තර් සම්බන්ධතාව
පක්ෂි සමුහ භෝජනය
බාඳුරා ශාකය කෘමින් භක්ෂක ශාකයක්ලෙස
පුෂ්ප පරාගනය
මත්ස්‍ය වාසස්ථාන විවිධත්වය

සුවිශේෂි අනුවර්තන
පත්‍ර බේරෑම් අග්‍ර දැරීම
පුෂ්ප හට ගැනීම අතුඅග නොව කඳන් මත සිදුවීම (ස්කන්ධ පුෂ්පීයතාවය)
ආධාරක මුල් (කරැ, කයිරැ,ලැලී මුල්) දැරීම
වර්ණවත් දළු දැරීම

නිවර්තන වර්ෂා වනාන්තරයක්
*උෂ්ණත්ව විචලනය අවම (පහත් බිම්වල 27C -17C) ඉහළ වර්ෂාපතනයක් සහිත (මිලිමීටර 2500-5000) අතර ප්‍රදේශවල පවති.
*සාපේක්ෂ ආර්ද්‍රතාවය 77% සිට 88% දක්වා වේ.
*ශාක, ස්ථර ගණනාවකට බෙදී පවතින අතර එකිනෙකටයාවී වියන් ස්ථරයක් නිර්මාණය කරයි.

මේ නිසා වර්ෂා වනාන්තරයක් තුල අධික ශාක හා සත්ත්ව විශේෂ රාශියක් ගැබ්ව පවති.



ප්‍රාථමික වනාන්තරයක් යනු, උත්කර්ෂවත් අවස්ථාවන්ට පත්වුද ව්‍යුහයේ හා සංයුතියේ ස්වභාවික වෙනස්කම් වලට පමණක් භාජනයවුද , මිනිසාගේ ක්‍රියාකාරකම් වලින් හානි නොවු වනාන්තරයන්ය. 1970-1974 කාලපරාසයේදී සිංහරාජ වනාන්තරය වරණිය ලෙස දැව හෙලීමකට භාජනයවු අතර මේ නිසා එහි ව්‍යුහයේ හා සංයුතියේ ඇතිවු වෙනස්කම් වර්තමානයේදී වුවද දැකිය හැකිය.


නිවර්තන වර්ෂා වනාන්තරයක් තුල බාහිර ස්වරෑපය බොහෝදුරට ඒකාකාරීවේ. ශාක වල කඳන් සාපේක්ෂව සිහින් හා උස් ස්වභාවයෙන් යුක්තවේ. ශාකයන්ගේ අතු බෙදීම ගසේ මුදුන් ප්‍රදේශයට ආසන්නව සිදුවේ.

නිවර්තන වැසි වනාන්තරයක ව්‍යුහය එහි සිරස් සංයුතිය (ස්ථරීභවනය), තිරස් කලාපනය (ශාක හා සතත්ව පැවැත්ම) සහ එක් එක් විශේෂ වල භෞතික ස්වරෑපය අනුව විස්තර කරනු ලැබේ. බොහෝවිට නිවර්තන වැසි වනාන්තර ශාක ස්ථර 5කින් සමන්විතවේ. නෙරැ ස්ථරය,වියන් ස්ථරය,උපවියන් ස්ථරය,යටි වියන් ස්ථරය හා බිම් ස්ථරය.

No comments: